සුවිශේෂය 02.05.2012


සුවිශේෂය :
ධර්මය අනුව විනිශ්චය 
එවිට ජේසුස් වහන්සේ මහා හඩින් කතා කරමින් " මා අදහන තැනැත්තේ ,මා නොව ,මා ඒවා වදාල තැනැත්වහන්සේ  අදහා ගනී .මා ලෝකයට ආලෝකයක්ව වැඩියේ මා අදහන කවරෙකු නමුත් අන්ධකාරයේ නොවසන පිණිසය . තවද ,යමෙක් මාගේ වචන අසා ඒවා නොපිළිපදින්නේ නම් ,මම ඔහු විනිශ්චය නොකරමි .
මම ආවේ ලෝකය ගලවන්ට මිස විනිශ්චය කරන්නට නොවේ .
මා ප්‍රතික්ෂේප කර මාගේ වචන නොපිළිගන්නා අය විනිශ්චය කරන්නෙක් සිටි .මා වදාල ධර්මයම අන්තිම දවසේදී ඔහු විනිශ්චය කරන්නේය.

මෙනෙහිකිරිම 
සමිදාණෝ අන්ධකාරවූ  ලෝකයට ආලෝකයකි . අපද ආලෝකයේ ජීවත් වීමට නම් , එතුමා අදහා ගත යුතු වෙමු .එතුමන්ගේ වචනය පිළිපැදිය යුතු වෙමු.සමිදුන්ගේ වචනය දිනපතා අප මෙනෙහි කිරීමේ වැදගත් කම මෙහිදී අපට පැහැදිලිය .එසේ කිරීමෙන් තොරව අප කෙසේ නම් එතුමන්ගේ වචනය පිලිපදිමුද?අදහාගමුද  ?
"ඔබේ වචන මට මගපෙන්වන පහනක්ය ,මාගේ මාවතට එලියක්ය.(ගීතා 119:105) "

Comments