අද සුපුවත -සැප්තැම්බර් මස 30

සමිදුනි මාගේ අයැදුම ඔබ වෙත පැමිණේවා

 පළමු කියවීම /ජෝබ් 3:1-3,11-17,20-23
 1 ඉන්පසු මේ තාක් නිහඬ ව සිටි ජෝබ් තමා උපන් දිනයට සාප කරගනිමින් 
2 මෙසේ කී ය:
3 ''මා උපන් දිනයට සාප වේ වා!
මා වැනි පිරිමි දරුවෙකු පිළිසිඳ ගත් රාත්‍රියට සාප වේ වා!
11 මවු කුසේ දී ම මා නොමළේ මන් ද?
කුසෙන් නික්ම ආ විගස ම මාගේ පණ නොගියේ මන් ද?
12 මවු තුරුල්ලට මා පිළිගත්තේ කුමට ද?
මවගේ ළයෙහි මව් කිරි මට පෙව්වේ කුමට ද?
13 මම් එසේ මළෙම් නම්, දැන් නිසංසල ව මිනීවළෙහි මට ඉන්න තිබිණි;
කරදරයක් කිසිත් නැති ව මරණ නින්දට යන්න තිබිණි.
14 එසේ වී නම්, නැති වී යන රාජ මාලිගා ඉදි කළ නිරිඳුන් සහ ඇමතිවරුන් සමඟ මටත් සැතපෙන්නට තිබිණි.
15 සිය මැදුරු රන් රිදීයෙන් පුරවාගත් කුමරුන් සමඟ ද මට සැතපෙන්නට තිබිණි.
16 මෙලොව එළිය නුදුටු දරුවන් මෙන් ගබ්සා වී මා මිය නොගියේ මන් ද?
17 සොහොනෙහි පවිටු දනන් තම පව්කම් නිම කර ඇත;
20 ''එතුමා දුකින් සිටින අයට එළිය දෙන්නේ මන් ද?
සොවින් පෙළෙන අයට දිවි දෙන්නේ මන් ද?
21 ඔව්හු මරු එන තුරු බලා සිටිති; එහෙත්, මරු එන්නේ නැත.
අන් සැම සම්පතට වඩා ඔව්හු සොහොන අගේ කරති.
22 සොහොනට යෑම ඔවුන්ට සතුටකි;
මිනීවළට යන විට ඔව්හු ප්‍රිය හඬ දෙති.
23 දෙවි තුමන් හැම අතින් ම හිර කර සිටින, තමා යා යුතු මඟ නොපෙනෙන මිනිසා උපත ලැබුවේ මන් ද?

සුවිශේෂය /ලූක් 9:51 –56
තවද, උන් වහන්සේගේ ස්වර්ගාරෝහණ දිනය ආසන්න වූ කල, උන් වහන්සේ ජෙරුසලම බලා යන අධිෂ්ඨානයෙන් 52 තමන්ට පෙරටුව දූතයන් යැවූ සේක. ඔව්හු ගොස් උන් වහන්සේට අවශ්‍ය දේ පිළියෙළ කරන පිණිස සමාරීයයන්ගේ ගමකට ඇතුළු වූ හ. 53 එහෙත්, උන් වහන්සේ හුදෙක් ජෙරුසලමට ම යන්නට අදහස් කර සිටි බැවින් ඔව්හු උන් වහන්සේ නොපිළිගත්හ. 54 උන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ ජාකොබ් ද ජොහන් ද ඒ දැක, ''ස්වාමීනි, මොවුන් විනාශ කරන පිණිස අහසින් ගිනි වැටෙන්නට අප අණ කරනවාට ඔබ කැමැති සේක් දැ''යි ඇසූ හ. 55 උන් වහන්සේ හැරී ඔවුන්ට තරවටු කළ සේක. 56 ඉන්පසු ඔව්හු අන් ගමකට ගියහ.


Comments