සමිදුනි මාගේ අයැදුම ඔබ වෙත පැමිණේවා
පළමු කියවීම /ජෝබ් 9:1-12,14-16
1 එවිට ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය:
2 ''ඔය සියල්ල ඇත්ත ම බව මම හොඳින් දනිමි.
එතුමන්ට විරුද්ධ ව පැමිණිල්ලක් කර මිනිසෙකුට ජයගත හැකි ද?
3 පැමිණිලිකරු මෙන් මිනිසාට දෙවිඳුන් සමඟ වාද කළ හැකි ද?
එතුමන් අසන ප්‍රශ්න දහසකින් එකකට වත් මිනිසාට පිළිතුරු දිය හැකි ද?
4 දෙවිඳාණෝ ප්‍රඥාසම්පන්න ය;
සර්ව බලධාරී ය.
එතුමන්ට එරෙහි ව කිසිවෙකුට ජයගත හැකි වේ ද?
5 එතුමාණෝ හිටි හැටියේ ගිරිකුළු දෙදරවා හරින සේක;
සිය උදහසින් ඒවා පෙරළා දමන සේක;
6 මහ පොළොවේ පදනම් කම්පා කරවන සේක;
එහි කණු සොලවන සේක;
7 එතුමාණන් අණ කළහොත්, හිරු උදා නොවන්නේ ය;
තරු සඟවා වසා ලීමට එතුමාණන්ට හැකි වන්නේ ය.
8 ඒ උතුමාණෝ පමණක් ම අහස් තලය දිග හරින සේක;
මහ සයුර පිට ඇවිදින සේක.
9 මහ වලසා ද මුව සිරස ද හත්දින්න ද දකුණු දිග තාරකා ද මැවූ සේක.
10 මිනිස් මනසින් සොයාගත නොහැකි මහත් දේ ද ගණනාවක් නොමැති අසිරිමත් දේ ද කරන සේක.
11 මා ළඟින් ම වැඩියත්, එතුමන් මට පෙනෙන්නේ නැත;
මා පසු කොට ගියත් මට දකින්න නොහැකි ය,
12 දෙවි තුමන් යමක් ගන්න කල එය වැළැක්විය හැකි සමතා කවරෙක් ද?
'ඔබ ඔය කරන්නේ කුමක් දැ'යි පවසන්නට කාට හැකි ද?

14 එසේ නම්, එතුමන් සමඟ සුදුසු වචනින් වාද විවාද කිරීමට හැකියාවක් මට ඇද් ද?
15 මා නිදොස් වුව ද එතුමන්ට උත්තර දීමට මම අපොහොසත් වෙමි.
මම විනිසකරුගෙන් දයාව පතමි.
16 මා එතුමන් ඇමතූ විට එතුමන්ගෙන් පිළිතුරක් ලැබුණේ ය.
එතුමාණෝ මට සවන් දෙන සේකැ යි විශ්වාස කළ හැකි ද?
මම විනිසකරුගෙන් දයාව පතමි.
16 මා එතුමන් ඇමතූ විට එතුමන්ගෙන් පිළිතුරක් ලැබුණේ ය.
එතුමාණෝ මට සවන් දෙන සේකැ යි විශ්වාස කළ හැකි ද?
සුවිශේෂය /ලූක් 9:57-62
57 ඔවුන් මඟ බැස යද්දී එක් මිනිසෙක්, ''ඔබ වහන්සේ යන ඕනෑ ම තැනකට වුව ද මමත් ඔබ අනුව එන්නෙමි''යි කී ය. 58 ජේසුස් වහන්සේ කතා කොට, ''හිවලුන්ට බෙන ද අහසේ කුරුල්ලන්ට කැදලි ද ඇත; එහෙත් මනුෂ්‍ය-පුත්‍රයාණන්ට හිස තැබීමට වත් තැනක් නැතැ''යි ඔහුට වදාළ සේක. 59 උන් වහන්සේ තව කෙනෙකුට, ''මා අනුව එන්නැ''යි වදාළ සේක. ඔහු: ''ස්වාමීනි පළමුකොට මාගේ පියා භූමදාන කරන පිණිස යන්නට මට අවසර දුන මැනවැ''යි කී ය. 60 උන් වහන්සේ උත්තර දෙමින්, ''මළවුන්ගේ භූමදානය මළවුන් ම කළා වේ; ඔබ ගොස් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කරන්නැ''යි ඔහුට වදාළ සේක. 61 තවත් කෙනෙක්, ''ස්වාමීනි ඔබ අනුව එන්නෙමි; එහෙත් පළමුකොට මාගේ ගෙදර උදවියගෙන් සමු ගෙන ඊමට අවසර දුන මැනවැ''යි කී ය. 62 ජේසුස් වහන්සේ, ''නගුලට අත තබා ආපසු බලන කිසිවෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැතැ''යි ඔහුට වදාළ සේක.
Comments
Post a Comment