ලොව පුරා ගොස් සුබ අස්න දේසනා කරන්න
පළමු කියවීම/ගලාති 2:1-2,7-14
11 පේදුරු අන්තියෝකියට ආ විට ඔහු වරදක් කර තිබුණ බැවින් මම එළිපිට ම ඔහුට විරුද්ධ වීමි. 12 ඒ වරද නම්, ඇතැම් අය ජාකොබ් වෙතින් එන්න ප්‍රථම ඔහු විජාතීන් සමඟ ආහාර වැළඳූ නමුත්, ඔවුන් පැමිණියාට පසු චර්මඡේදනවාදීන්ට භය ව, පසුබැස, වෙන් ව සිටීම යි. 13 ඔහු සමඟ අනෙක් ජුදෙව්වරු ද චපල ලෙස ක්‍රියා කළහ. බාර්ණබස් පවා ඔවුන්ගේ චපලකමින් මුළාවිය. 14 එහෙත් ඔවුන්ගේ හැසිරීම සුබ අස්නේ සත්‍යයට පටහැනි බව දුටු මම මුළු සමූහයා ඉදිරියේ පේදුරුට මෙසේ කීවෙමි. ''ඔබ ජුදෙව්වරයෙකු වන නමුත්, ජුදෙව්වරයෙකු සේ නොව, විජාතිකයෙකු සේ ජීවත් වූවෙහි ය. එසේ නම් විජාතීන් ජුදෙව්වරුන් සේ ජීවත් විය යුතු යයි ඔබ ඔවුන්ට බල කරන්නේ කෙසේ ද?''
සුවිශේෂය/ලූක් 11:1-4
1 උන් වහන්සේ එක් තැනක යාච්ඤා කරමින් සිටි සේක. එය නිම වූ පසු උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් එක් තැනැත්තෙක් කතා කොට, ''ස්වාමීනි, ජොහන් තම ගෝලයන්ට ඉගැන්වූ ලෙස, අපටත් යාච්ඤා කරන්නට ඉගැන්නුව මැනවැ''යි කීවේ ය. 2 උන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක: ''ඔබ යාච්ඤා කරන කල මෙසේ කියන්න:
'පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා, ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා.
3 අපේ දිනපතා ආහාරය දිනෙන් දින අපට දුන මැනව.
4 අපේ පව් අපට කමා කළ මැනව;
මන්ද, අපට ණයගැති ව සිටින හැමට අප කමා වන බැවිනි.
අප පරීක්ෂාවට නොපමුණුවනු මැනව.' ''
---------------------------------------------------------------------------------------------
දෙවිදුන් හා අප සම්බන්ද වන්නේ යක්ඥාව තුලිනි .නමුත් පාපය එසේ සමිදුන් හා සම්බන්ද වීමට බාදාවකි .අපගේ පාපයන්ට සමිදාණෝ නිරන්තයෙන් සමාව දී එම බාධාව ඉවත් කරන සේක.එහෙත් අන් අය අපට කරන වරදට සමවා දීමට අප සුදානම්ද?

Comments
Post a Comment