අද සුපුවත -ඔක්තෝබර් 18
ශු ලූක් මුනි
සමිදුනි ඔබේ සෙනග ඔබේ රාජ්‍යය වර්ණනා කරති
ශු ලූක් මුනි
සමිදුනි ඔබේ සෙනග ඔබේ රාජ්‍යය වර්ණනා කරති
පළමු කියවීම/2තිමෝති 4:9-1
9 ඉක්මනින් මා වෙත එන්නට උත්සාහ කරන්න. 10 මන්ද, දේමස් ලෞකික ජීවිතයට ඇලුම් වී, මා අත්හැර, තෙසලෝනිකයට ගියේ ය. ක්‍රස්කේන්ස් ගලාතියටත්, තීතස් දල්මතියාවටත් ගියෝ ය. 11 ලූක් පමණක් මා සමඟ සිටී. මාක් ඔබ සමඟ කැඳවාගෙන එන්න. මගේ වැඩට ඔහු ප්‍රයෝජනවත් සහකාරයෙකි. 12 තුකිකස් එපීසයට යැවීමි. 13 ත්‍රෝවස්හි දී කාර්පස් ළඟ මා තබා ආ සළුව ද පොත් ද විශේෂයෙන් සටහන් පොත් ද ඔබ එන විට ගෙනෙන්න.
14 තඹකරු ඇලෙක්සැන්දර් මට බොහෝ නපුරුකම් පෑවේ ය. සමිඳාණන් වහන්සේ ඔහු කළ දෙයට නිසි විපාක දෙන සේක. 15 ඔබත් ඔහුගෙන් පරිස්සම් වෙන්න. මන්ද ඔහු අප දුන් පණිවුඩයට දරුණු ලෙස විරුද්ධ වූ බැවිනි.
16 මගේ පළමු නඩු විභාගයේ දී කිසිවෙක් මා සමඟ නොසිටියහ. සියල්ලෝම මා අත්හැර ගියෝ ය. ඒ ගැන ඔවුන්ට වරදක් නොපැමිණේ වා. 17 එහෙත් සමිඳාණන් වහන්සේ මා අත්හැර නොගොස් මා ශක්තිමත් කළ සේක. මෙසේ මා මඟින් සුබ අස්න සම්පූර්ණ ලෙස සියලු විජාතීන්ට ඇසෙන සේ ප්‍රකාශ වනු ඇත. එසේ සිංහයාගේ කටින් මම මුදා ගනු ලැබුවෙමි.

සුවිශේෂය/ලූක් 10:1-9
1 ඉන්පසු සමිඳාණන් වහන්සේ තවත් cසැත්තෑ දෙනෙකු පත් කොට තමන් යන්න අදහස් කළ සියලු නගර හා පෙදෙස්වලට ඔවුන් දෙදෙනා බැගින් තමන්ට කලින් යැවූ සේක. 2 උන් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක: ''ගොයම නම් බහුල ය. ගොවීහු විරල ය. එබැවින් ගොයම් කැපීමට මෙහෙකරුවන් එවන මෙන් ගොයමේ හිමියාණන්ට යාච්ඤා කරන්න. 3 ඉතින් යන්න. වගවලසුන් මැදට බැටළු පැටවුන් යවන්නාක් මෙන් මම ඔබ යවමි. 4 පසුම්බියක් හෝ මල්ලක් හෝ පා වහන් හෝ නොගෙන යන්න. මඟ දී ආචාර කිරීම් සඳහා පමා නොවන්න. 5 ඔබ යම් ගෙදරකට ඇතුළු වූ කල, පළමුකොට 'මේ ගෙදරට සාමය වේ වා!'යි පතන්න. 6 සාමය ලබන්නට සුදුසු කෙනෙක් එහි සිටිත් නම් ඔබගේ සාම පැතුම ඔහු පිට රැඳෙනු ඇත. නැතහොත් එය ඔබ වෙත පෙරළා එනු ඇත. 7 ඔවුන් දෙන දෙය කමින් බොමින් ඒ ගෙදර ම නැවතී සිටින්න. මන්ද, මෙහෙකරුවා සිය වේතනය ලැබිය යුතු ය; ගෙදරින් ගෙදරට නොයන්න. 8 ඔබ යම් නුවරකට ඇතුළු වූ කල ඔවුන් ඔබ පිළිගත්තොත්, ඔබ ඉදිරියෙහි තබන දේ වළඳන්න. 9 එහි සිටින රෝගීන් සුව කරන්න. 'දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ වෙත පැමිණියේ ය'යි ඔවුන්ට ප්‍රකාශ කරන්න.

Comments
Post a Comment