සමිදාණෝ සිය සෙනග සමාදානයෙන්
ආශිර්වාද කරන සේක
පළමු
කියවීම/උත්පත්ති
6:5-8,7:1-5,10
5 මිහි පිට මිනිසාගේ දැඩි
දුෂ්ටකම හා මිනිසා නිතර ම නපුරු සිතුවිල්ලෙන් කල් යවන බව සමිඳාණන් වහන්සේ දුටු විට
6 මිහි පිට මිනිසා මැවීම ගැන උන් වහන්සේ ශෝක වූ සේක; උන් වහන්සේගේ හදවත සොවින් පෙළුණි. 7 එබැවින් උන් වහන්සේ, ''මා විසින් මවන
ලද මිනිසා මම මිහි පිටින් වනසාලමි; ඔහු සමඟ
ගවමහිෂයන් ද උරගයන් ද අහසේ පක්ෂීන් ද වනසාලමි; ඔවුන් මැවීම
ගැන මම තැවෙමි''යි වදාළ සේක. 8 එහෙත් උන්
වහන්සේ අබිමුවෙහි නෝවා කරුණාව ලැබී ය.
1 සමිඳාණන් වහන්සේ නෝවාට කතා කොට, ''නුඹ ද, නුඹේ මුළු පවුල ද නැවට ඇතුළු වෙන්න; මන්ද, මිනිසුන් අතර නුඹ පමණක් මා
ඉදිරියෙහි දැහැමි බව මම දුටුවෙමි. 2 තවද, නන් වැදෑරුම් සත්ත්ව වර්ග පොළෝ තලයෙහි නොකඩව බෝ වන පිණිස
සියලු පවිත්‍ර සතුන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් ජෝඩු හත බැගින් ද සියලු
අපවිත්‍ර සතුන්ගෙන් ගැහැණු-පිරිමි වශයෙන් ජෝඩුවක් බැගින් ද 3 ආකාශ පක්ෂීන්ගෙන් ගැහැණු-පිරිමි සතුන් වශයෙන් ජෝඩු හත බැගින් ද රැගෙන
යන්න. 4 තව හත් දවසකින් පොළොව මත දවල් සතළිසක් හා රාත්‍රි
සතළිසක් වැසි වස්වන්නෙමි. මෙලෙස මා මැවූ ජීවමාන සියල්ලක් ම පොළෝ තලයනේ ඉවත්
කරදමන්නෙමි''යි වදාළ සේක. 5 නෝවා ද
සමිඳාණන් වහන්සේ අණ කළ සියල්ල ඉටු කෙළේ ය
10 සත් දවසකට පසු මිහි පිට ජලගැල්ම ඇති විය.
සුවිශේෂය/මාක්
8:14-21

සමිදුන් පිළිබඳව අපගේ ඇති නොදැනුවත් කම
බොහෝ අය අපව මුලා කිරීමට යොදා ගනිති.
මුළා
නොවන පිණිසත් නොරැවටෙන පිණිසත් දේව වචනය
තුලින් ඉගෙන ගනිමු .යාච්ඥා කරමු.සුදතුම් වරමත් ,නැණවතුන්ගේ උපදෙසුත් ලබා ගනිමු.
Comments
Post a Comment