සමිදාණෝ දැහැමියන් සියලු ආපදා වලින් මුදා හරින සේක
පළමු
කියවීම/ යෙසායා 55:10-11
10 ''අහසින් වැටෙන හිම හා වසින වැස්ස නැවත හැරී නොගොස් පොළොව සරුසාර කර,
පැළ නංවා, කරල් හටගන්වා වපුරන්නාට ධාන්‍ය ද මිනිසාට ආහාර ද ගෙන
දෙයි.
11 එලෙස මා මුවින් නික්මෙන වචන මා වෙත ම හිස් ව නොපැමිණ
මාගේ අදහස් සඵල කර නියමයන් සිකුරට ම ඉටු කරයි.''
සුවිශේෂය/මතෙව් 6:7-15
'ස්වර්ගයෙහි වැඩ වසන අපගේ පියාණෙනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේ වා,
10 ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේ වා, ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු වේ වා, ස්වර්ගයෙහි මෙන් පොළොවෙහි ද එසේ ම වේ වා.
11 අපගේ දවස්පතා ආහාරය අද අපට දුන මැනව.
12 අපට වරද කළ අයට අප කමා කළාක් මෙන් අපේ වරදට අපට කමා වුව මැනව.
13 අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප මිදුව මැනව.c
14 ''ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම්, ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබටත් කමා කරන සේක. 15 එහෙත්, ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරදට කමා නොකරන්නහු නම්, පියාණන් වහන්සේ ඔබේ වරදටත් කමා නොකරන සේක.''
Comments
Post a Comment