මට
කීකරු වන හැම දෙනම මම සැබවින්ම ගලවා ගන්නෙමි
පළමු කියවීම/ යෙසායා1:10,16-20
10 එම්බා
ජෙරුසලම!
ඔබේ ප්‍රධානීහු ද සෙනඟ ද සොදොමේ හා ගොමොරාවේ සිටි අය වැනි ය.
සමිඳුන් වදාරන දේට සවන් දෙන්න.
දෙවිඳුන් උගන්වන දේ සිතට ගන්න.
ඔබේ ප්‍රධානීහු ද සෙනඟ ද සොදොමේ හා ගොමොරාවේ සිටි අය වැනි ය.
සමිඳුන් වදාරන දේට සවන් දෙන්න.
දෙවිඳුන් උගන්වන දේ සිතට ගන්න.
16 ස්නානය කොට පිරිසිදු වන්න;
මා ඇස් හමුයෙන් ඔය පව් දුරු කරන්න.
නපුරුකම් තවත් නොකරන්න.
17 යහපත කරන්න ඉගෙන ගන්න;
පීඩා විඳින්නන්ට පිහිට වන්න;
අනාථයන්ගේ හිමිකම් රැක දෙන්න;
වැන්දඹුවන් උදෙසා ඉදිරිපත් වන්න.
මෙසේ යුක්තිය ඉටු කරන්න.
මා ඇස් හමුයෙන් ඔය පව් දුරු කරන්න.
නපුරුකම් තවත් නොකරන්න.
17 යහපත කරන්න ඉගෙන ගන්න;
පීඩා විඳින්නන්ට පිහිට වන්න;
අනාථයන්ගේ හිමිකම් රැක දෙන්න;
වැන්දඹුවන් උදෙසා ඉදිරිපත් වන්න.
මෙසේ යුක්තිය ඉටු කරන්න.
18 'එන්න, අපි මේ ගැන සාකච්ඡා කරමු'යි සමිඳාණෝ වදාරන සේක.
''නුඹලාගේ පව් රතට රතේ තිබෙන නමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේ ය;
තද රතු පැහැයෙන් තිබෙන නමුත්, සුදු ලොම් මෙන් වන්නේ ය.
19 නුඹලා සිය කැමැත්තෙන් කීකරු වන්නහු නම්, දේශයේ සාරවත්කම භුක්ති විඳින්නහු ය.
20 අකීකරු වී කැරලි ගසන්නහු නම් කඩුවෙන් මැරුම් කන්නහු ය.''
සමිඳාණෝ සිය සිරි මුවෙන් මෙය වදාළ සේක.
සුවිශේෂය/ මතෙව් 23:1-12
1 එකල ජේසුස් වහන්සේ
සමූහයාටත්, සිය ශ්‍රාවකයන්ටත් කතා කොට මෙසේ වදාළ සේක: 2 ''විනයධරයෝ ද පරිසිවරු ද මෝසෙස්ගේ
ව්‍යවස්ථාවලිය පිළිබඳ බලය ලත් අටුවාචාරීහු වෙති.
3 එබැවින් ඔවුන් ඔබට අණ කරන
සියල්ල නොපිරිහෙළා පිළිපදින්න. එහෙත්, ඔවුන්ගේ ක්‍රියා අනුව නොයන්න. ඔව්හු එකක් කියති, අනිකක් කරති.
4 ඔව්හු ඉසිලිය නොහැකි මහ බර
පොදි බැඳ මිනිසුන්ගේ කරේ තබති. එහෙත්, ඒ බර පොදි ඉසිලීමට සුළැඟිල්ලක තරම වත් ආධාරයක් දීමට කැමැති නොවෙති.
5 ඔවුන් හැම දෙය ම කරන්නේ
මිනිසුන්ට පෙනෙන පිණිස ය. ඔව්හු ශුද්ධ ලියවිලි පාඨ සඳහන් බඳන පළල් කරගෙන නළලෙහි ද
බාහුවල ද පළඳිති. වස්ත්‍රවල දාවලු මහත් කරති. 6 මංගල්‍යය භෝජනවල දී මූලාසනයට ද ධර්මශාලාවල දී ප්‍රධාන අසුන්වලට ද, 7 වෙළඳ පොළවල දී ගෞරවාචාර ලැබීමට ද, මිනිසුන් විසින් 'ගුරුදේව' කියා අමතනු ලැබීමට ද ප්‍රිය කරති.
8 එහෙත්, ඔබ 'ගුරුදේව' යයි කියවා නොගන්න. ඔබගේ ගුරුදේවයාණෝ එක් කෙනෙක් ම ය. ඔබ කවුරුත් සහෝදරයෝ ය. 9 මිහි පිට කිසිවෙකුට 'පියාණෝ' යි නොකියන්න. ඔබට ඇත්තේ ස්වර්ගයෙහි වැඩ වසන එක ම පියාණන් වහන්සේ ය. 10 ඔබ 'නායකයෝ' යි කියවා නොගන්න. ඔබගේ නායකයාණෝ එක් කෙනෙක් ම ය, එනම්, ක්‍රිස්තුන් වහන්සේ ය.
11 එහෙත්, ඔබ අතරෙන් ඉතා උතුම් තැනැත්තා ඔබගේ සේවකයා වන්නේ ය. 12 තමා ම උසස් කරගන්නා කවරෙකු වුව ද, පහත් කරනු
ලබන්නේ ය; තමා ම පහත් කරගන්නා කවරෙකු වුව ද, ඔහු උසස් කරනු ලබන්නේ ය.
ලබන්නේ ය; තමා ම පහත් කරගන්නා කවරෙකු වුව ද, ඔහු උසස් කරනු ලබන්නේ ය.

Comments
Post a Comment