Ada Supuwatha අද සුපුවත 05.03.2015

සමිදුන් කෙරෙහි අදහන තැනැත්තේ ආසිරි ලද්දෙකි 

පළමු කියවීම/ ජෙරමියා 17:5-10

5 සමිඳාණෝ මෙසේ වදාරන සේක: 
''
මිනිසුන් කෙරෙහි විශ්වාසය තබන, මියයන සුලු සිරුර ශක්තිය කරගෙන, සමිඳුන් කෙරෙන් හැරී ඉවත් ව යන මිනිසා සාප ලද්දෙකි. 
6 ඔහු පාළුකරයෙහි ඇති පඳුරකට සමාන වේ. 
යහපත පැමිණි විට එය ඔහුට නොපෙනේ. 
පාළුකරයෙහි වියළි තැන්හි, මිනිසුන් නොවසන ලුණු බිම්හි ඔහු වාසය කරයි.
7
සමිඳුන් කෙරෙහි විශ්වාසය තබන, සමිඳුන් තරයේ විශ්වාස කරන මිනිසා භාග්‍යවන්තයෙකි. 
8
ඔහු, ගං ඉවුරේ සිටුවා ඇති, ගඟට ම මුල් ඇද ඇති; 
ගිම්හානයට කිසි බියක් නැති; 
කොළ පර වී යාමක් නැති; 
නියඟ කාලය ගැන කරදර නැති; 
නොනැවතී දිගට ම පලදාවක් ඇති ගසක් හා සමාන වේ.
9
අන් කිසිවකට වඩා සිත කපටි ය, හැම අතින් ම එය දූෂණය වී ඇත; 
එය තේරුම්ගත හැක්කේ කාට ද? 
10
සමිඳුන් වන මම, මිනිසාගේ සිත සෝදිසි කර බලමි;
මිනිසාගේ හදවත පරීක්ෂා කර බලමි. 
එසේ කරන්නේ, මිනිසාගේ හැසිරීම අනුව ඔහු ජීවත් වන පිළිවෙළ ලෙස ඔහුට විපාක දෙන පිණිස ය.''

සුවිශේෂය/ ලූක් 16:19-31

lazarus and the rich man 19 there was a certain rich man which was ...

19 ''අගනා නීල-රක්ත වස්ත්‍ර හා සිනිඳු සේද රෙදි හැඳගත්, හැමදා සැප විහරණයෙන් කල් යැවූ එක් ධනපතියෙක් වී ය. 20 ඔහුගේ නිවසේ දොරටුව ළඟ ඇඟ පුරාම වණ තිබූ ලාසරස් නම් එක් හිඟන්නෙක් ගෙනවුත් තබන ලදී. 21 ඔහු ධනපතියාගේ කෑම මේසයෙන් වැටෙන කැබැලිවලින් වුව ද සාගිනි නිවා ගැනීමට සතුටු විය. බල්ලෝ පවා ඔහුගේ වණ ලෙව කෑවෝ ය.

22 ඒ හිඟන්නා මියගිය පසු දේව දූතයන් විසින් ඔහු ආබ්‍රහම් ළඟට ගෙන යන ලද්දේ ය. ධනපතියාත් මැරී භූමිදාන කරන ලද්දේ ය. 23 ඔහු ආත්ම භවනෙහි වධ විඳිමින් ඇස් ඔසවා ආබ්‍රහම් ද ඔහුගේ තුරුල්ලේ හුන් ලාසරස් ද දුරින් දැක, 24 මොරගසා, 'ආබ්‍රහම් පිය තුමෙ‍නි, මට කරුණා කොට, තම ඇඟිලි තුඩ දියේ ගල්වා, මාගේ දිව තෙමාලන පිණිස ලාසරස් එවනු මැනව: මන්ද, මම මේ ගිනි ජාලාවෙහි දහ දුක් විඳිමි'යි කී ය. 
25 එහෙත් ආබ්‍රහම් පිළිතුරු දෙමින්, 'පුත්‍රය, ඔබ ජීවත් ව සිටිය දී, හැම සැපත ම ඔබට තිබුණු බව ද එලෙස ම හැම විපත ම ලාසරස්ට තිබුණු බව ද සිහි කරන්න. එහෙත් දැන් ඔහු මෙ‍හි සැනසිලි ලබයි; ඔබ දහ දුක් විඳින්නෙහි ය. 26 එපමණකුත් නොවේ. මොබින් ඔබ වෙත යාමට වත් ඔබින් අප වෙත ඒමට වත් කැමැති වූවන්ට එය කළ නොහැකි වන සේ ඔබ හා අප හා අතර පරතරයක් පිහිටුවා ඇතැ'යි කී ය.

27 එවිට ධනවතා, 'එසේ නම් පිය තුමෙ‍නි, මාගේ සහෝදරයෝ පස් දෙනෙක් සිටිති; 28 ඔවුන් ද මේ වධ වේදනා ඇති ස්ථානයට නොපැමිණෙන පිණිස, ඔවුන්ට අවවාද දෙන්නට ලාසරස් මාගේ පියාගේ ගෙදරට යවන මෙ‍න් ඉල්ලමි'යි කී ය. 29 එහෙත්, ආබ්‍රහම් කතා කොට: 'මෝසෙස් සහ දිවැසිවරයෝ ඔවුන්ට සිටිති. ඔව්හු ඔවුන්ට සවන් දෙත් වා'යි කී ය. 30 ඔහු කතා කොට, 'එසේ නොවේ, ආබ්‍රහම් පිය තුමෙ‍නි, මළවුන් කෙරෙන් එකකු ඔවුන් වෙත ගියොත් ඔවුන් පසුතැවී සිත් හරවා ගනු ඇතැ'යි කී ය. 31 ආබ්‍රහම් පිළිතුරු දෙමින්, 'ඔව්හු මෝසෙස්ටත් දිවැසිවරයන්ටත් සවන් නොදෙත් නම්, මළවුන්ගෙන් උත්ථානයට පැමිණියෙකු වුව ද ඔව්හු විශ්වාස නොකරති'යි ඔහුට කී ය.''

මෙනෙහි කිරීම

මෙලොව ජීවත් වන අපට සටනක් ඇත .එමසටන පාපයට විරුද්ධවය.පාපය ජය ගැනීමට ඇති අවිය ශුද්ධාත්මයාණෝ ය.අප තුල තිබෙන පාපය අපට පෙන්වා දෙන්නෙත් ,පාපය ජයගැනීමට ශක්තිය දෙන්නෙත් උන්වහන්සේය.










Comments