සමිදුනි සදාතන ජීවිතයේ වචන ඇත්තේ ඔබ
වහන්සේ වෙතය
පළමු කියවීම/නික්මයාම 20:1-17
1 දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු ආඥා වදාළ සේක: 2 ''වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ
පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම ය.
3 ''මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය.''
4 ''නුඹ සඳහා නෙළූ රූපයක් හෝ ඉහළ අහසෙහි වත්, පහළ පොළොවෙහි වත්, පොළොවෙන් යට ජලයෙහි වත් ඇති කිසි ම වස්තුවකට සමාන දෙයක් හෝ සාදා නොගන්න. 5 නුඹ ඒවාට නමස්කාර නොකරන්න; ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි. 6 එහෙත්, මට ප්‍රේම කරමින් මාගේ ආඥා පිළිපදින දහස් ගණන් අයට මම කරුණාව දක්වමි.
7 ''නුඹ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිතා නොකරව. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිතා කරන්නේ ද ඔහුට මම දඬුවම් කරමි.''
8 ''සබත් දවස ශුද්ධ ලෙස පැවැත්වීමට සිතට ගන්න. 9 දවස් හයක් තුළ නුඹ වෙහෙස වී නුඹේ සියලු වැඩ කළ යුතු ය. 10 එහෙත්, හත් වන දවස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ සබත ය. එදින නුඹ වත්, නුඹේ පුතු වත්, දුව වත්, නුඹේ සේවකයා වත්, සේවිකාව වත්, නුඹේ සතෙකු වත්, නුඹේ වාසල් දොරටු සීමා ඇතුළ සිටින අමුත්තෙකු වත් කිසි වැඩක් නොකළ යුතු ය. 11 මන්ද, සමිඳාණන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද, සමුද්‍රය ද, ඒවායේ ඇති සියල්ල ද සාදා, සත් වන දවස නිවාඩු ගත්තෙමි. එබැවින් උන් වහන්සේ සබත් දවසට ආශීර්වාද කොට එය විශුද්ධ කළ සේක.
12 ''නුඹේ පියාට ද, මවට ද ගෞරව කරව. එවිට නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹට දෙන රටේ නුඹ බොහෝ කාලයක් ජීවත් වන්නෙහි ය.
13 ''මිනී නොමරව.
14 ''කාමමිථ්‍යාචාරය නොකරව.
15 ''සොරකම් නොකරව.
16 ''නුඹේ අසල්වැසියාට විරුද්ධ ව බොරු සාක්ෂි නොකියව.
17 ''නුඹේ අසල්වැසියාගේ ගෘහයට නුඹ ඇළුම් නොකරව. තවද, නුඹේ අසල්වැසියාගේ භාර්යාවට හෝ ඔහුගේ සේවකයාට හෝ සේවිකාවට හෝ ඔහුගේ ගවයාට හෝ කොටළුවාට හෝ නුඹේ අසල්වැසියා සතු වෙනත් කිසිවකට හෝ ඇළුම් නොකරව.''

දෙවන කියවීම/1කොරින්ති 1:22-25
22 ජුදෙව්වරු හාස්කම් ඉල්ලති. ග්‍රීක්වරු ප්‍රඥාව
සොයති.23 එහෙත් අපි, කුරුසියේ ඇණ ගසනු ලැබූ ක්‍රිස්තුන් වහන්සේ දේශනා කරමු. මෙය ජුදෙව්වරුන්ට
පැකිළීමකි. විජාතීන්ට ප්‍රලාපයකි. 24 එහෙත් කැඳවීම ලත් ජුදෙව්වරුන්ටත්, ග්‍රීක්වරුන්ටත්, ක්‍රිස්තුන් වහන්සේ
දෙවියන් වහන්සේගේ බලය හා ප්‍රඥාව වේ. 25 ප්‍රලාපයකැ යි කියන දෙවියන් වහන්සේගේ ප්‍රලාපය, මිනිස් ප්‍රඥාව ඉක්ම වූ ප්‍රඥාවකි. දුබලකමකැ යි
කියන දෙවියන් වහන්සේගේ දුබලකම මිනිස් ශක්තිය ඉක්ම වූ ශක්තියකි.
සුවිශේෂය /ජොහන් 2:13-25
13 ජුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍යය ආසන්න ව
තිබුණු බැවින්, ජේසුස්
වහන්සේ ජෙරුසලමට වැඩම කළ සේක. 14 එවිට, දේව මාලිගාවේ ගව, බැටළු හා පරෙවි වෙළෙන්දන්
ද මුදල් මාරු කරන්නන් ද ගනුදෙනුවෙහි යෙදී හිඳිනු උන් වහන්සේ දැක, 15
ලණුවලින් කසයක් සාදාගෙන ගවයන් හා බැටළුවන් හා සියල්ලන් දේව මාලිගාවෙන් පිටතට පලවා
හැර, මුදල්
මාරු කරන්නන්ගේ කාසි විසුරුවා ඔවුන්ගේ මේස පෙරළා දැමූ සේක. 16 ඉන්පසු උන් වහන්සේ පරෙවි
වෙළෙඳුන් අමතා,
''මේවා
අහකට ගෙන යන්න; මාගේ
පියාණන්ගේ ගෘහය වෙළඳ පොළක් නො කරන්නැ''යි වදාළ සේක. 17 ''ඔබගේ
ගෘහයට ඇති උද්‍යෝගයෙන් මම දැවෙමි''යි ලියා තිබෙන බව එවිට ශ්‍රාවකයන්ට මතක්
විය.
18 එකල ජුදෙව්වරු, ''ඔබ
මේ දේවල් කරන බැවින් ලකුණක් පිණිස කුමන හාස්කමක් අපට දක්වන්නෙහි දැ''යි ඇසූ හ. 19 ජේසුස් වහන්සේ ඔවුන්ට
පිළිතුරු දෙමින්,
''මේ
දේව මාලිගාව කඩාදමන්න. තෙදිනකින් එය මම ගොඩනඟන්නෙමි''යි වදාළ සේක. 20 එවිට ජුදෙව්වරු කතා කොට, ''මේ
දේව මාලිගාව ගොඩනඟන්නට හතළිස් හය වසක් ගත විය. ඔබ එය තෙදිනකින් ගොඩනඟන්නෙහි දැ''යි ඇසූ හ. 21 එහෙත්, උන් වහන්සේ කතා කෙළේ, තමන්ගේ ශරීරය නමැති දේව
මාලිගාව ගැන ය. 22
උන් වහන්සේ මරණින් නැඟිටුවනු ලැබූ පසු, ශ්‍රාවකයෝ, උන් වහන්සේ මේ දේ කී බව සිහි කොට ශුද්ධ
ලියවිල්ල ද උන් වහන්සේගේ වචනය ද විශ්වාස කළහ.
23 උන් වහන්සේ පාස්කු මංගල්‍යයේ දී ජෙරුසලමෙහි
සිටි කල්හි, බොහෝ
දෙනෙක් උන් වහන්සේ කළ හාස්කම් දැක, උන් වහන්සේ අදහාගත්හ. 24 එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන්
කෙරෙහි විශ්වාසය නොතැබූ සේක. මන්ද, උන් වහන්සේ සියල්ල දත් නිසා ය. 25 මිනිස් සිතෙහි ඇති දෙය
උන් වහන්සේ දැන සිටි බැවින්, මනුෂ්‍යයා ගැන කිසිවෙකුගේ සාක්ෂියක් උන්
වහන්සේට අවශ්‍ය නො වී ය.
Comments
Post a Comment