මට කීකරු වන සැම දෙනම ගලවා ගන්නෙමි

පළමු කියවීම: සිරාක් 35:1-12
1 නීතිය පිළිපැදීම බොහෝ යාග පූජා ඔප්පු කිරීමක් වන්නේ ය.
පණත්වලට ඇලුම් ව සිටීම සමඟි පූජා ඔප්පු කිරීමක් වන්නේ ය.
2 කළගුණ සැලකීම ඉතා හොඳ පිටිවලින් තැනූ පූජාවක් ඔප්පු කිරීම වැන්න.
දන් දීම ප්‍රශංසාවේ යාගයක් ඔප්පු කිරීම ය.
3 දුෂ්ටකමින් හැරෙන්නෝ සමිඳුන්ට ප්‍රසන්න වන්නෝ ය.
අයුතුකම අත්හරින්නෝ වන්දි ගෙවීමේ යාගයක් ඔප්පු කරන්නෝ ය.
4 සමිඳුන් ඉදිරියෙහි හිස් අතින් පෙනී නොසිටින්න.
මන්ද, මේ සියලු දේ පණත්වලින් නියම කර තිබෙන හෙයිනි.
5 ධර්මිෂ්ඨයාගේ පඬුර පූජාසනයට ප්‍රසන්න වේ.
එහි සුගන්ධය මහො‍්ත්තමයාණන් වහන්සේ ඉදිරියෙහි ඉහළට නඟින්නේ ය.
6 ධර්මිෂ්ඨයාගේ යාගය පිළිගනු ලබන්නේ ය;
එහි ස්මරණය අමතක කරනු නොලබන්නේ ය.
7 සමිඳුන්ට නිර්ලෝභී ලෙස ගෞරව කරන්න.
ඔබ ඔප්පු කරන ප්‍රථම පල ගැන ලෝභ නොවන්න.
8 ඔබ පඬුරක් ඔප්පු කරන සෑම විට ම ප්‍රීති සහගත මුහුණක් දක්වන්න.
දසයෙන් කොටස ඔප්පු කරන විට ප්‍රීතිමත් වන්න.
9 මහො‍්ත්තමයාණන් ඔබට දුන්නාක් මෙන් ඔබත් දෙන්න.
ඔබේ වත්කම අනුව නිර්ලෝභී ලෙස දෙන්න.
10 මන්ද, සමිඳාණන් ඔබට ආපසු ගෙවන හෙයිනි.
උන් වහන්සේ සත් ගුණයක් දෙන සේක.                                                                                                        11 අල්ලසක් දීමෙන් උන් වහන්සේ දූෂණය කරන්නට උත්සාහ නොකරන්න. 
උන් වහන්සේ එය පිළිගන්නේ නැත.
අයුතු යාගයක් කෙරෙහි ඔබේ විශ්වාසය නොතබන්න.
12 මන්ද, සමිඳාණන් විනිශ්චයකාරයෙකු වන හෙයිනි.
උන් වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම නොබලන සේක.


සුවිශේෂය/ මාක් 10:17-27

28 පේදුරු කතා කරමින්, ''බලන්න, අපි සියල්ලම අත්හැර දමා ඔබ අනුව ආවෙමු''යි කී ය. 29 ජේසුස් වහන්සේ ද, ''සැබැවින් ම මම ඔබට කියමි; මා නිසා ද සුබ අස්න නිසා ද, ගේදොර හෝ සොහොයුරන් හෝ සොහොයුරියන් හෝ මව හෝ පියා හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හළ කවරෙකු වුව ද, 30 ඔහු දැන් මේ කාලයේ දී ම සිය ගුණයක් ගේදොර ද සොහොයුරන් ද සොහොයුරියන් ද මවුවරුන් ද දරුවන් ද ගම්බිම් ද ඒ සමඟ පීඩා ද, එන යුගයේ දී සදාතන ජීවනය ද නොලබා නොසිටින්නෝ ය. 31 එහෙත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝ ද අන්තිමයෝ ප්‍රථමයෝ ද වන්නෝ ය''යි වදාළ සේක.

Comments