ජුසේ වාස් පිය මංගල්‍යය


පළමු කියවීම /යෙසායා 52:7-10

7 සුබ ආරංචි ගෙන එන, සාමය ප්‍රකාශ කරන, යහපත ගැන සුබසුන් පළ කරන ගැළවීම ගැන ලොවට දන්වන, ''නුඹේ දෙවි තුමාණෝ රජකම් කරන සේකැ''යි සියොනට කියන, කඳු මුඳුන්හි පෙනෙන දූතයාගේ පාද කොපමණ අලංකාර වන්නේ ද? 
8 නගරය මුර කරන්නන්, හඬ නඟා එක් ව ගී කියනු ඇත. 
සියොනට සමිඳාණන් වඩින බව ඔවුන් සියැසින් දකිනු ඇත. 
9 ජෙරුසලමේ නටබුන්, එක් ව ගී ගයන්න; 
ඝෝෂා කරමින් හඬ නඟන්න. 
සමිඳාණෝ සිය සෙනඟ සැනසූ සේක. 
10 සමිඳාණෝ ජාතීන් ඉදිරියේ සියොනට ශුද්ධ බලය පෑ සේක.
අපේ දෙවිඳුන්ගේ ගැළවීම ලොවේ සීමාන්තයෝ දකිති. 

පිලිතුරු  ගීය: සමිදුන්ගේ ප්‍රබල ක්‍රියා සියල්ලන්ටම ප්‍රකාශ කරමු 

1 සමිඳුන් හට නව ගීයක් ගයන්න; පොළො‍් වැසි සියල්ලෙනි, සමිඳුන් හට ගී ගයන්න. 
2 සමිඳුන් හට ගී ගයා, එතුමන්ගේ නාමයට ආසිරි පතන්න; 
එතුමන්ගේ ගැළවීමේ ශුභාරංචිය දිනෙන් දින ප්‍රකාශ කරන්න. 
3 විජාතීන් අතර එතුමන්ගේ මහිමය ප්‍රකාශ කරන්න; 
ජනතාවන් අතර එතුමන්ගේ ප්‍රබල ක්‍රියා පවසන්න. 


6 ගෞරවය ද තේජස ද එතුමන් අබිමුව පවත්නේ ය; 
ශක්තිය ද ශෝභාව ද එතුමන්ගේ මැදුරෙහි ඇත්තේ ය. 
7 සකල ජනයෙනි, සමිඳුන් පසසන්න; 
ගෞරවය ද බලය ද සමිඳුන් හට පිරිනමන්න. 
8 සමිඳුන් නමට හිමි ගෞරවය එතුමන් හට පිරිනමන්න; 
පඬුරක් රැගෙන එතුමන් ඉදිරියට එන්න. 


10 විජාතීන් අතර මෙසේ පවසන්න: 
''සමිඳාණෝ රජකම් කරන සේක; 
නොසැලෙන ලෙස ලෝකය පිහිටා ඇත; එතුමාණෝ සාධාරණ ලෙස ජනතාවන් විනිශ්චය කරන සේක.


දෙවන කියවීම /ක්‍රියා 20:17-18,28-32,36

17 ඔහු මිලේතසෙන් එපීසයට පණිවුඩ යවා, සභාවේ මූලිකයන් කැඳෙව්වේ ය. 18 ඔවුන් තමා වෙතට ආ කල ඔහු මෙසේ පැවසී ය, ''මා ආසියාවට පැමිණි පළමු වැනි දා පටන් මුළු කාලය ඔබ සමඟ ගත කළ සැටි ඔබ දන්නහු ය. 
28 ඔබ තමන් ම ද, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් ගබඩාකාරයෙක් ලෙස පත් කරනු ලැබ ඔබට භාර දී ඇති රැළ ද රැකබලාගන්න. දෙවියන් වහන්සේ සිය පුත්‍රයාණන්ගේ යාගික රුධිරය හේතුවෙන් දිනා ගත් උන් වහන්සේගේ සභාවේ නායකයන් වන්න. 29 මා ගියායින් පසු, රැළට අනුකම්පා නොකරන, රෞද්‍ර වෘකයන් ඔබ අතරට පැමිණෙන බව දනිමි. 30 ඔබ අතරෙන් සමහරුන් ඉදිරිපත් ව, තමන් අනුව යන්නට ශ්‍රාවකයන් ඇදගන්නා පිණිස දුර්මත පළ කරනු ඇත. 31 එබැවින් මා අවුරුදු තුනක් තිස්සේ දිවා රෑ දෙකේ කඳුළු හෙළමින් සියලු දෙනාට නිතර ම අවවාද කළ බව සිහි කර අවදිව සිටින්න. 
32 ''දැන් මම දෙවියන් වහන්සේටත් උන් වහන්සේගේ වරප්‍රසාදදායක පණිවුඩයටත් ඔබ භාර කරමි. ඔබ වැඩි වර්ධනය කිරීමටත්, කැප වූ සියලු අය සමඟ ඔබට උරුමය සාදා දීමටත් ඒ පණිවුඩයට හැකි ය.

36 ඔහු මෙසේ කියා ඔවුන් සියල්ලන් සමඟ දණින් වැටී යාච්ඤා කෙළේ ය.


සුවිශේෂය /මාක් 16:15-20

15 උන් වහන්සේ ඔවුන් අමතා, ''ලොව පුරා ගොස් සකල සත්ත්වයා හට සුබ අස්න දේශනා කරන්න; 16 අදහා බව්තීස්ම-ස්නාපනය ලබන තැනැත්තේ ගැළවීම ලබන්නේ ය; එහෙත්, අදහා නොගත් තැනැත්තේ වරදකරු යයි තීන්දුව ලබන්නේ ය. 17 අදහන්නන් ඇසුරු කොටගත් හාස්කම් මේ ය: ඔව්හු මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරති; අමුතු භාෂාවලින් කතා කරති; 18 සර්පයන් අතින් අල්ලාගනිති; යම් මාරක විසක් බීවත් ඉන් කිසි අනතුරකට පත් නොවෙති; රෝගීන් පිට අත් තැබූ විට, ඔව්හු සුවය ලබති''යි වදාළ සේක.
19 මෙසේ ජේසුස් ස්වාමීන් වහන්සේ ඔවුන්ට කතා කළ පසු, ස්වර්ගයට ඔසවාගනු ලැබ, දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක. 20 ඔව්හු නික්ම ගොස් සෑම තැන ම දේශනා කළහ. සමිඳාණන් වහන්සේ ද ඔවුන් සමඟ ක්‍රියා කරමින්, ඔවුන් අතර සිදු කළ හාස්කම් මඟින් ඒ දේශනය සහතික කර වදාළ සේක. 
ඔව්හු මෙකී අවවාදානුශාසනා පේදුරුට ද ඔහුගේ සහචරයන්ට ද සැකෙවින් පැවසූ හ. ඉක්බිති ජේසුස් වහන්සේ ම සදාතන ගැළවීම පිළිබඳ සුවිශුද්ධ, අජරාමර පණිවුඩය ඔවුන් ලවා පෙරදිග සිට අපරදිග දක්වා යවා වදාළ සේක. ආමෙන්‍.d

Comments