පළමු කියවීම /ජෝබ් 38:1,12-21,40:3-5
1 එවිට දෙවිඳාණෝ කුණාටුව මැදින් ජෝබ්ට මෙසේ පිළිතුරු දුන් සේක;
12 ජෝබ්, නුඹ උපන් දින සිට කිසි ම දාක අලුත් දිනක් උදා වන්නට නුඹ අණ දුන්නෙහි ද?
13 පොළොව පුරා අරුණෝදය නැඟී එන්නටත්,
දුදනන් මිහි පිටින් පැන්නීමටත් නුඹ ආඥාවක් පැණවූයෙහි ද?
14 හිරු උදාව, කඳු හා නිම්න මතු කරයි;
ඒවා මැටිවල තබන ලද මුද්‍රාව මෙන් ද ඇඳුමක රැළි මෙන් ද කැපී පෙනෙයි.
15 දවල් එළිය දුදනන්ට දැරිය නොහැකි තරම් දීප්තිමත් ය.
එය ඔවුන්ගේ සැහැසිකම් වළක්වාලයි.
16 නුඹ මුහුදේ උල්පත්වලට ළං වූයෙහි ද?
මුහුදු පත්ලේ යා ගත නොහැකි පෙදෙස්වල ඇවිද්දෙහි ද?
17 මරහුගේ ලොවට පිවිසෙන දොරටු නුඹට පෙන්වා ඇත්තේ ද?
අඳුරු ලොවේ මුර දොරටු කවදාවත් නුඹ දුටුවෙහි ද?
18 මහ පොළොව කොතරම් විසල් දැ යි නුඹ මඳක් වත් දන්නෙහි ද?
දන්නෙහි නම් මට කියව.
19 ආලෝකය එන්නේ කෙහෙන් දැ යි, අඳුර බිහි වන්නේ කොහේ දැ යි නුඹ දන්නෙහි ද?
3 එවිට ජෝබ් පිළිතුරු දෙමින් මෙසේ කී ය:
4 ''සමිඳුනි, මම අනුවණ ලෙස කතා කෙළෙමි.
ඔබට කුමන පිළිතුරක් දෙන්නෙම් ද?
මම කට පියා නිහඬ වන්නෙමි.
5 මම එක් වරක්, කතා කෙළෙමි;
පිළිතුරු නොදෙමි.
මම දෙවරක් කතා කෙළෙමි.
ඉන්පසු කතා නොකරමි.''
20 නුඹට ඒවායේ නියම ස්ථානවලට මඟ පෙන්විය හැකි ද?
නුඹට ඒවායේ නිවෙස්වලට ඒවා ගෙන ගිය හැකි ද?
21 නුඹ මෙපමණ දිගායු වළඳා සිටින බැවින්, විශ්වය මැවෙන්නට පෙර නුඹ ජීවත් වී සිටි හෙයින් ඔය කොයි දේත් නුඹට කළ හැකි නොවේ ද?
22 ම විසින් හිම හා ගල් වැහි තැන්පත් කරනු ලැබ ඇති ගබඩාවලට නුඹ කවදාවත් ගොස් තිබේ ද?
23 ඒවා විපත හා යුද කෝලාහල ඇති වන කාලය සඳහා සූදානම් කොට තබා ඇත.
24 හිරු උදා වන ස්ථානයටත්, පෙරදිග සුළං පටන්ගන්න ස්ථානයටත් නුඹ ගොස් තිබේ ද?
25 කඩා වැටෙන වර්ෂාවට දිය අගලක් කැපුවේ කවරෙක් ද?
අකුණු කොටන අහස් තලයට මං පෑදුවේ කවරෙක් ද?
26 මිනිසුන් නැති දේශයකට, කිසිවෙකු නැති මරුකතරකට වැසි වස්වන්නේ කවරෙක් ද?
27 නිල් තණකොළ වැවෙන ලෙසට වියළි පොළොව නිලෙන් වසන්නට ජලය සපයන්නේ කවරෙක් ද?
28 වහින වලාවට, වැටෙන පින්නට පියෙක් නැද් ද?
29 වතුර ගල් කොට, මුහුදු ජලය මිදෙන්නට සලස්වන්නේ කවරෙක් ද?
30 හිම කැට හා අහසේ තුෂාර තම කුසින් ජනිත කරවන මාතාව කවරෙක් ද?
31 හත්දින්නේ තරු වැළ බැඳ තබන්නට හෝ මුව සිරසේ බඳ පටිය ලිහන්නට හෝ නුඹට හැකි ද?
පිළිතුරු ගීය :සදා මාර්ගයෙහි මා ගෙන ගිය මැනව
සුවිශේෂය /ලූක් 10:13-16
13 ''එම්බා කොරාශීනය, ඔබට වන විපතක මහත! එම්බා බෙත්සයිදාව, ඔබට වන විපතක මහත! ඔබ තුළ කළ ප්‍රබල ක්‍රියා තීර්හි හා සීදොන්හි කළා නම්, මීට කලින් ගෝනි රෙදි හැඳ අළු තවරා ගෙන පසුතැවී සිත් හරවා ගැනීමට ඔවුන්ට ඉඩ තිබිණි. 14 එසේ වුව ද දේව විනිශ්චය දවසේ දී ඔබට වඩා තීර්ට හා සීදොනට සහනය ලැබෙන්නේ ය. 15 එම්බා කපර්ණවුම, ඔබ සගලොව දක්වා උසස් කරනු ලබන්නෙහි ද? නැත, පාතාලය දක්වා පහත හෙළනු ලබන්නෙහි ය.
16 ඔබගේ වචන අසන්නා මාගේ වචන අසයි; ඔබ ප්‍රතික්ෂේප කරන්නා මා ප්‍රතික්ෂේප කරයි; මා ප්‍රතික්ෂේප කරන්නා මා එවූ තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ ය.''

Comments
Post a Comment