මැයි 25,දිව්‍ය පුජාවට නියමිත කියවීම් සඳහා පිවිසෙන්න



පළමු කියවීම /ක්‍රියා 16:1-10

1 තවද පාවුලු දර්බයටත් ලුස්ත්‍රාවටත් පැමිණියේ ය. කිතු දහම පිළිගත් ජුදෙව් ස්ත්‍රියකගේ පුත්‍ර වූ තිමෝතියස් නම් ශ්‍රාවකෙයක් එහි සිටියේ ය. ඔහුගේ පියා ග්‍රීකයෙකි. 2 ඔහු ලුස්ත්‍රාවෙහි ද ඉකෝනියෙහි ද සහෝදරයන් අතර ප්‍රශංසා ලැබූ කෙනෙකි. 3 පාවුලු, තමා සමඟ ඔහු කැඳවාගෙන යන්නට අදහස් කර, ඒ පළාත්වල සිටි ජුදෙව්වරුන් නිසා ඔහු චර්මඡේදනය කෙළේ ය. මන්ද, ඔහුගේ පියා ග්‍රීකයෙකු බව සියල්ලන් දැන සිටි හෙයිනි.

 4 ඔව්හු නුවරින් නුවරට ගමන් කරද්දී ජෙරුසලමේ සිටි ප්‍රේරිතයන් විසින් ද සභා මූලිකයන් විසින් ද පනවන ලද නියෝග පවත්වන්නට ඔවුන්ට භාර දුන්හ. 5 මෙසේ සභාවෝ ඇදහිල්ලෙහි වර්ධනය වූ හ. දිනෙන් දින සෙනඟගේ ගණන ද වැඩි විය.

පිළිතුරු ගීය :මුළු පොලෝ වැසියනි ,සමිදුන් හට ප්‍රීති ඝෝසා පවත්වන්න 

1 මුළු පොළො‍් වැසියෙනි, සමිඳුන් හට ප්‍රීති ඝෝෂා පවත්වන්න. 
2 සමිඳුන් හට ප්‍රීතියෙන් වැඳ පුදා, ප්‍රීති ගී ගයමින් එතුමන් ඉදිරියට පැමිණෙන්න. 

3 සමිඳාණන් දෙවිඳුන් බව දැනගන්න. 
අප මැව්වේ එතුමාණෝ ය; 
අපි එතුමන්ගේ ය, එතුමන්ගේ සෙනඟ ය. 
එතුමන්ගේ තණ බිම්වල බැටළුවෝ ය. 

5 මන්ද, සමිඳාණෝ යහපත් ය; 
එතුමන්ගේ ප්‍රේමය ස්ථිර ය; 
සදහට ම පවත්නේ ය. 
පරපුරෙන් පරපුරට එතුමන්ගේ විශ්වාසවන්තකම පවත්නේ ය.


සුවිශේෂය /ජොහන් 15:18-21

18 ''ලෝකයා ඔබට ද්වේෂ කරත් නම්, ඔබට පෙර මටත් ද්වේෂ කළ බව දැනගන්න. 19 ඔබ ලෝකයට අයිති නම්, ලෝකයා ස්වකීය අයට මෙන් ඔබට ඇලුම් වනු ඇත. එහෙත් ඔබ ලෝකයට අයිති නොවන නිසාත්, ලෝකයා කෙරෙන් මා ඔබ තෝරාගත් නිසාත් ලෝකයා ඔබට ද්වේෂ කරති.

 20 'දාසයෙක් තම ස්වාමියාට වඩා උතුම් නොවේ ය'යි මා ඔබට වදාළ වචනය සිහි කරන්න. ඔව්හු මට පීඩා කළෝ නම්, ඔබටත් පීඩා කරන්නො‍් ය; මාගේ වචනය පිළිපැද්දො‍් නම්, ඔබගේ වචනයත් පිළිපදින්නො‍් ය. 21 එහෙත් ඔවුන්, මා එවා වදාළ උන් වහන්සේ ව නාඳුනන බැවින්, මාගේ නාමය නිසා මේ සියල්ල ඔවුන් ඔබට කරනු ඇත.


Comments

Post a Comment