සුවිශේෂය- ලූක් 5: 33 – 39
33 එවිට ඔව්හු උන් වහන්සේට කතා කොට, ”ජොහන්ගේ ගෝලයෝ නොයෙක් වර උපවාස පවත්වා යාච්ඤා පුද කරති; පරිසිවරුන්ගේ ගෝලයෝත් එසේ ම කරති. එහෙත් ඔබේ ශ්රාවකයෝ කමින් බොමින් සිටිති”යි කී හ. 34 ජේසුස් වහන්සේ, පිළිතුරු දෙමින්, ”මනාලයා මඟුල් ගෙදර සිටිය දී මනාල පිරිස උපවාසයෙහි යෙදවිය හැකි ද? 35 එහෙත්, මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවස එයි, ඒ දවසේ දී ඔවුන් උපවාස කරනු ඇතැ”යි වදාළ සේක.
36 උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව ද වදාළ සේක: ”කිසිවෙකු අලුත් ඇඳුමකින් රෙදිකඩක් ඉරා පරණ ඇඳුමකට අල්ලා මහන්නේ නැත. එසේ කළොත් අලුත් ඇඳුම ඉරී යනවා පමණක් නොව, අලුත් ඇඳුමෙන් ගත් කෑල්ල පරණ ඇඳුමට කැපෙන්නේ ද නැත. 37 කිසිවෙකු නව මිදියුස, පැරණි බඳුන්වලට වත් කරන්නේ නැත; වත් කළොත්, නව මිදියුසින් බඳුන් පැළී මිදියුස වැගිරී, බඳුනුත් නාස්ති වෙයි. 38 නව මිදියුස වත් කළ යුත්තේ නව බඳුන්වල ම ය. 39 තවද, පරණ මිදියුස පානය කළ කිසි මිනිසෙක් නව මිදියුස රුචි නොකරයි; පරණ මිදියුස ම රසය යි ඔහු කියන්නේ ය.”
පළමු කියවීම- 1 කොරින්ති 4:1-5
1 ඔබ අප ගැන සිතිය යුත්තේ, ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයන් ද දෙවියන් වහන්සේගේ අබිරහස් පිළිබඳ භාරකාරයන් ද හැටියට ය. 2 භාරකාරයන්ගෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන් විශ්වාසවන්ත ව සිටී ම ය. 3 එහෙත් ඔබ විසින් හෝ මනුෂ්‍ය අධිකරණයකින් හෝ මා විනිශ්චය කරනු ලැබීම, මා සලකන්නේ ඉතා සුළු දෙයක් ලෙස ය. තවද, මම මා ම විනිශ්චය කර නොගනිමි. 4 මන්ද, මට විරුද්ධ ව කිසිවක් ඇති බව මම නොදනිමි. ඒ නිසා ම මම නිදොස් නොවෙමි. මා විනිශ්චය කරන්නේ සමිඳාණන් වහන්සේ ය. 5 එබැවින් සමිඳාණන් වහන්සේ එන තුරු නියම කාලයට පෙර කිසි විනිශ්චයක් නොකරන්න. උන් වහන්සේ අඳුරෙහි සැඟවුණු දේ ආලෝකයට පමුණුවා, සිත් සතන්හි අදහස් හෙළි කරන සේක. එවිට හැම දෙනෙක් ම තම තමන්ට හිමි ප්‍රශංසාව දෙවියන් වහන්සේගෙන් ලබති.
පිළිතුරු ගීය : සමිදාණෝ දැහැමියන් ගලවන සේක
Comments
Post a Comment