07.05.2012


සුවිශේෂය 
 ජුවාම් 14:21-26
.....යමෙක් මට ප්‍රේම කරන්නේ නම් ,
                ඔහු මාගේ ධර්මය පිළිපදින්නේය 
මාගේ පියානන්වහන්සේද ඔහුට ප්‍රේම කරන සේක .
අපි ඔහු වෙත පැමිණ ,
            ඔහු සමග වාසය කරමු .

මෙනෙහිකිරීම : 
දෙවිදුන් අප සමග ජීවත් වීමට නම් අප ඉටු  කල යතු දෙය කුමක්ද ?ධර්මය පිලිපැදීමයි
අප ජේසුට ප්‍රේම කරනවා නම් අප කල යුත්තේ කුමක්ද?ධර්මය පිලිපැදීමයි
යහපත් ජීවිතය ,දාර්මික  ජීවිතය මුළු දේව වචනය පුරාම ජේසු උගන්වන මාර්ගය තුල ගමන් කිරීම  අද අපට ලැබෙන පණිවිඩයයි.

ජේසුනි මම ඔබට ප්‍රේම කරන බව බොහෝ විට ප්‍රකාශ කලත් ,මගේ ජීවිතය යහපත් වුයේ නැත .මම මාගේ සහෝදරයාට ප්‍රේම කලේ නැත ,ඔහුගේ වරදට සමාව දුන්නේ නැත .ඔබ ගේ සාමය මා අත් නොදකින්නේ මේ නිසාය .

Comments