දිව්‍ය එඬේරාණෝ



සමිදාණෝ මා එඬේරණෝය  
අගහිඟ මට නොවන්නේය  
එතුමාණෝ සුනිල් තණ බිම් මත මා සතපවා 
නිසල දිය වෙත පමුණුවා 
මා පණගන්වන සේක .

සිය නාමයේ මහිමය සැලසෙන ලෙස 
දමිටු මග මා ගෙනයන සේක.
මරණය වැනි ගනදුරු රුදුරු නිම්නය මැදින් ගියත් 
ඔබ මා සමග බැවින් ,
මට කිසි බියක් නොවන්නේය .
ඔබේ කෙවිටද සරයටියද 
මා නියත සැනසිල්ල වන්නේය .

ඔබ මාගේ සතුරන් එදිරියේදී  
මංගල බොජුනක් පිලියෙලකරදී 
මා සිරස තෙලින් ආලේප කරන සේක .
මාගේ කුසලාන උතුරා යන්නේය .

ඔබේ දයාව හා කරුණාව 
නියතව ,දිවිහිමියෙන් මා අනුව එන්නේය .
සමිදුන්ගේ නිවාසය
මාගේ සදාතන වාසය වන්නේය .



Comments