පිළිතුරු ගීය : සමිදුනි ,සදා මාර්ගයෙහි මා ගෙන ගිය මැනව

පිළිතුරු ගීය : සමිදුනි ,සදා මාර්ගයෙහි මා ගෙන ගිය මැනව



1 සමිඳුනි, ඔබ මා සියුම් ලෙස විමසා බලා දැනගත් සේක. 
2 මාගේ ඉඳුම් හිටුම් සියල්ල ඔබ දන්න සේක. 
දුර තියා ම මාගේ සිතිවිලි ඔබ තේරුම්ගන්න සේක. 

3 මා ගමනක් ගියත්, නින්දට ගියත් ඔබ මාගේ සියලු මාර්ග දන්න සේක.
මාගේ හැසිරීම සහමුලින් ම ඔබ දන්න සේක. 

13 ඔබ මාගේ ඇතුළාන්තය මැවූ සේක; 
මාගේ මවු කුසෙහි මා තැනූ සේක. 
14 මම ඔබට තුති පුදමි. 

මන්ද, මා ඔබට ගරුබිය දැක්විය යුතු ය. 
ඔබේ සියලු ක්‍රියා අසිරිමත් ය; 
ඔබ තරයේ මා දන්න සේක. 

15 මාගේ ඇටකටු සැදෙන විට, මවු කුසෙහි මා වැඩෙන විට, 
රහසිගත ව මා තැනෙන විට මා එහි වූ බව ඔබ දැන සිටි සේක.

Comments