මාගේ පක්ෂයට නොවන්නා මට විපක්ෂ ය

අද සුපුවත කියවමු ,මෙනෙහි කරමු
ඔක් 12,සිකුරාදා

පළමු කියවීම /ගලාති 3:7-17

7 එබැවින් ආබ්‍රහම්ගේ සැබෑ පුත්‍රයෝ ඇදහිල්ල ඇති අය වෙති. 8 තවද දෙවියන් වහන්සේ ඇදහිල්ල කරණකොටගෙන විජාතීන් දමිටු බවට පත් කරන බව ශුද්ධ ලියවිල්ල කල්මත්තෙන් දැක, ''ඔබ තුළ සියලු ම ජාතීහු ආශීර්වාද ලබන්නො‍් ය'' කියා සුබ අස්න කලින් ආබ්‍රහම්ට ප්‍රකාශ කළේ ය. 9 මෙසේ ඇදහිල්ලෙහි පිහිටි සියල්ලෝ ඇදහිල්ලේ පිහිටි ආබ්‍රහම් සමඟ ආශීර්වාද ලබති. 

10 අනෙක් අතට, ව්‍යවස්ථාව කෙරෙහි විශ්වාසය තබන්නො‍් සාපයට යටත් ව සිටිති. එසේ වන්නේ: ''ව්‍යවස්ථාව පොතෙහි ලියා ඇති සියල්ල ම නොකඩවා නොරකින සියලු දෙනාට ම සාපයක් ඇතැ''යි ලියා තිබෙන බැවිනි. 11 ව්‍යවස්ථාව කරණකොටගෙන කිසිවෙකු දමිටු බවට පත් කරනු නොලබන බව එයින් පැහැදිලි ය. මන්ද, ඇදහිල්ලෙන් දමිටු බවට පැමිණි අය ජීවත් වන්නො‍් ය. 12 ව්‍යවස්ථාව ඇදහිල්ල පිට රඳා පවතින්නක් නොවේ. එහෙත් ව්‍යවස්ථාව පිළිපදින තැනැත්තා එයින් ජීවත් වන්නේ ය කියා ශුද්ධ ලියවිල්ලේ ලියා ඇත. 

13 ''ගසක එල්ලනු ලබන සියල්ලෝ සාප ලද්දෝ ය''යි ශුද්ධ ලියවිල්ලේ ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා එම සාපය විඳ, ව්‍යවස්ථාවේ සාපයෙන් අප මුදාගත් සේක. 14 මෙසේ කෙළේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මඟින් ආබ්‍රහම් ලත් ආශීර්වාදය අන්‍ය විජාතීන් කෙරෙහි පැමිණෙන පිණිසත් ඇදහිල්ල කරණකොටගෙන ආත්මයාණන් වහන්සේගේ පොරොන්දුව අප විසින් ලබාගන්නා පිණිසත් ය.


පිළිතුරු ගීය :සමිදාණෝ සිය ගිවිසුම සදහටම සිහි කරන සේක



සුවිශේෂය /ශු. ලූක් 11 : 15 - 26

එහෙත් ඔවුන්ගෙන් සමහරෙක් කතා කොට, ”මොහු දුෂ්ටාත්මයන් දුරු කරන්නේ දුෂ්ටාත්මාධිපති වූ බෙල්සෙබුල්ගේ අනුහසින් ය”යි කීහ. අන් සමහරු උන් වහන්සේ වචනයකින් අල්ලාගන්න පිණිස, ස්වර්ගයෙන් හාස්කමක් උන් වහන්සේගෙන් ඉල්ලූ හ. 

උන් වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන මෙ‍සේ වදාළ සේක: ”ඊට ම විරෝධී ව භේද වූ යම් රාජ්‍යයක් ඇද්ද එය පාළු වන්නේ ය, ඊට ම විරෝධී ව භේද වූ යම් ගෙදරක් ඇද්ද එය පිරිහී යන්නේ ය. සාතන් ඔහුට ම විරෝධී ව භේද ව සිටී නම් ඔහුගේ රාජ්‍යය පවතින්නේ කෙසේ ද? මා දුෂ්ටාත්මයන් දුරු කරන්නේ බෙල්සෙබුල්ගේ අනුහසින් යයි ඔබ කියන්නාහු ය. එහෙත් මම බෙල්සෙබුල්ගේ අනුහසින් දුෂ්ටාත්මයන් දුරු කරම් නම්, ඔබගේ අනුගාමිකයෝ කවරකුගේ අනුහසින් ඔවුන් දුරු කරද් ද? මෙ‍ලෙස ඔබේ අනුගාමිකයෝ ම ඔබේ තර්කය බිඳදමති. එහෙත් මම දෙවියන් වහන්සේගේ අනුහසින් දුෂ්ටාත්මයන් දුරු කරම් නම්, සැබැවින් ම දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ කෙරෙහි උදා වී ඇත. අවිආයුධ ගත් බලවන්තයකු සිය නිවස රක්නා කල ඔහු සතු දේපළ සුරක්ෂිත ව ඇත. එහෙත් ඔහුට වඩා බලවන්තයෙක් අවුත් ඔහු මැඩපවත්වන්නේ නම්, ඔහු විශ්වාසය තැබූ ආයුධ පැහැරගෙන, කොල්ලකාගත් දේ බෙදාගන්නේ ය. මාගේ පක්ෂයට නොවන්නා මට විපක්ෂ ය; මා සමඟ රැුස් කිරීමට උදව් නොකරන්නා විසුරුවා දමන්නේ ය.”

”අශුද්ධාත්මය මිනිසකුගෙන් දුරු ව ගිය කල, ඔහු දිය නැති තැන්වල සැරිසරමින්, නවාතැනක් සොයන්නේ ය, එය නොලදහොත් මා නික්ම ආ මාගේ නිවසට ආපසු යමියි කියන්නේ ය. ඔහු එහි පැමිණි කල, නිවස අතුගා අස්පස් කොට තිබෙනු දකියි. එවිට ඔහු ගොස් තමාට වඩා අශුද්ධ වූ තවත් ආත්මයන් සත් දෙනෙකු තමා කැටුව ගෙන එන්නේ ය. ඔව්හු ඒ නිවසට පිවිස එය අරක්ගනිති. එවිට ඒ පුද්ගලයාගේ දෙවන තත්ත්වය පළමු තත්ත්වයට වඩා නපුරු වන්නේ ය.”

මෙනෙහි කිරීම 








Comments